ශ්රී ලංකාව තුළ මානව හිමිකම්, LGBTIQ+ ප්රජාවේ අයිතිවාසිකම් සහ සමාජයේ ආන්තිකකරණයට ලක් වූ ප්රජාවන්ගේ අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් කැපවී ක්රියා කරන ප්රමුඛතම සංවිධානය වන්නේ Équité සංවිධානයයි. ශ්රී ලංකා පාර්ලිමේන්තුව, ශ්රී ලංකා පොලිසිය, ජාතික ලිංගාශ්රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන, සෞඛ්ය ප්රවර්ධන කාර්යාංශය, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA), දිස්ත්රික් ලේකම් කාර්යාල, පළාත් සභා ආයතන, PAFFREL සංවිධානය, ග්රාම නිලධාරීන්, සෞඛ්ය විශේෂඥයින්, සිවිල් සමාජ සංවිධාන (CSOs), ප්රජා මූලික සංවිධාන (CBOs) සහ විවිධ ජාතික මට්ටමේ පාර්ශ්වකරුවන් ඇතුළු රාජ්ය නිලධාරීන් සහ ජාතික පාර්ශ්වකරුවන් සමඟ අපි සමීපව කටයුතු කරන්නෙමු. මෙම සහයෝගීතාවය හරහා, ප්රතිපත්තිමය වෙනස්කම් වෙනුවෙන් පෙනී සිටීමටත්, සියලු දෙනා ඇතුළත් කරගන්නා සහ සියලුදෙනාට ප්රවේශය ලැබෙන පාලන ක්රමයක් (inclusive governance) සහතික කිරීමටත්, සමාජභාවී අනන්යතාව හෝ ලිංගික දිශානතිය නොසලකා සියලු පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත් Équité අඛණ්ඩව කටයුතු කරයි.
ශ්රී ලංකාව තුළ ප්රථම වරට දිස්ත්රික්ක කිහිපයක් ආවරණය වන පරිදි 'Pride' (අභිමාන) සැමරුම් සංවිධානය කිරීම මගින් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කළේ Équité සංවිධානය විසිනි. මෙම ක්රියාකාරකම් මගින් ප්රජාවේ දෘශ්යමානභාවය (visibility) ඉහළ නැංවීම, ආරක්ෂිත අවකාශයන් නිර්මාණය කිරීම සහ ප්රජා සහයෝගීතාව ප්රවර්ධනය කිරීම සිදු කෙරේ. එමගින්, නාගරික මධ්යස්ථානවලින් ඔබ්බට ගොස් දිවයින පුරා සිටින LGBTIQ+ පුද්ගලයින් සවිබල ගැන්වීමේ ව්යාපාරයක් බවට 'Pride' සැමරුම පත් කිරීම අපගේ අරමුණයි. මෙම සැමරුම් වඩාත් ප්රවේශ විය හැකි සහ සියලු දෙනා ඇතුළත් කරගන්නා ආකාරයේ (inclusive) වැඩසටහන් බවට පත් කිරීම තුළින්, මහජන දැනුවත්භාවය සහ පිළිගැනීම ඉහළ නැංවීමට අපි අපේක්ෂා කරමු. මෙම ක්රියාකාරකම් හරහා, Pride යනු හුදෙක් සැමරීමක් පමණක්ම නොව අයිතිවාසිකම් පිළිබඳ අරගලයක් යන්න අප සෑම අවුරුද්දකම සිහිපත් කරමු.
මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ප්රවර්ධනය කිරීම අරමුණු කරගත් ක්රියාකාරී සැලසුම් සකස් කිරීම සඳහා, රාජ්ය ආයතන සමඟ සම්බන්ධ වෙමින් LGBTIQ+ ප්රජාව සහ ජාතික මට්ටමේ පාර්ශ්වකරුවන් අතර රැස්වීම් සංවිධානය කිරීමට Équité සංවිධානය ක්රියාකාරීව දායක වේ. සියලු දෙනා ඇතුළත් කරගන්නා ප්රතිපත්ති සහ රාමු සකස් කිරීම සහතික කරමින්, ප්රජා නියෝජිතයින් සහ ජාතික මට්ටමේ පාර්ශ්වකරුවන් අතර සාකච්ඡා සඳහා පහසුකම් සැලසීමේ වැදගත් වේදිකාවක් ලෙස මෙම රැස්වීම් ක්රියා කරයි. සංවාද සහ උපායමාර්ගික සැලසුම්කරණය දිරිමත් කිරීම තුළින්, ලිංගික දිශානතිය හෝ සමාජභාවී අනන්යතාව නොසලකා සෑම ශ්රී ලාංකික පුරවැසියෙකුටම ගරුත්වය සහ ආරක්ෂාව හිමිවන පරිසරයක් නිර්මාණය කිරීමට අපි කටයුතු කරන්නෙමු.
ශක්තිමත් ජාතික පාර්ශ්වකරුවන්ගේ ජාලයක් සමඟින්, LGBTIQ+ ප්රජාව සහ රාජ්ය ආයතන, සෞඛ්ය සේවා සහ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් ලෙස SOGIESC (ලිංගික දිශානතිය, සමාජභාවී අනන්යතාවය, සමාජභාවී ප්රකාශනය, සහ ලිංගික ලක්ෂණ), නීතිය සහ මානව හිමිකම් කෙරෙහි අවධානය යොමු කරමින්, රජයේ සහ පෞද්ගලික අංශයේ පුහුණුකරුවන් සඳහා පුහුණු වැඩසටහන් ද Équité විසින් පවත්වනු ලැබේ. ජාතික මට්ටමේ කොටස්කරුවන් සමඟ හවුල්කාරිත්වයෙන් පවත්වනු ලබන මෙම පුහුණු සැසි, ඔවුන්ගේ අදාළ අංශවල අයිතිවාසිකම් පදනම් කරගත් ප්රවේශයන් පෝෂණය කිරීම සඳහා අවශ්ය දැනුම සහ කුසලතා වෘත්තිකයන්ට ලබා දෙයි. පුහුණුකරුවන්ගේ ධාරිතාව ශක්තිමත් කිරීමෙන්, අපි ප්රජාවන්ට ප්රතිලාභ ලබා දෙන පද්ධතිමය වෙනසකට දායක වෙමු.
ජාතික උපදේශනයෙන් ඔබ්බට, Équité ජාත්යන්තර වේදිකාවල ශ්රී ලංකාව නියෝජනය කරමින්, රටේ මානව හිමිකම් තත්ත්වය කෙරෙහි ගෝලීය අවධානය යොමු කරයි. ගෝලීය ප්රතිපත්ති සහ මානව හිමිකම් තත්ත්වයන්ට බලපෑම් කරන සාකච්ඡා සහ මුලපිරීම්වල නියැලෙමින්, ජාත්යන්තර උපදේශන ප්රයත්නයන්හි අපගේ කණ්ඩායම සැළකිය යුතු කාර්යභාරයක් ඉටු කරයි. අපගේ ක්රියාකාරී සහභාගීත්වය තුළින්, ශ්රී ලංකාවේ ප්රජාවන්ගේ හඬ ගෝලීය මට්ටමින් ඇසෙන සහ ආමන්ත්රණය කරන බව සහතික කරමින්, ජාත්යන්තර වේදිකාවල අපි සැළකිය යුතු සන්ධිස්ථාන සහ ජයග්රහණ අත්කර ගෙන ඇත්තෙමු.
සියලු දෙනා ඇතුළත් සමාජයක් ප්රවර්ධනය කිරීමට, ජාතික කොටස්කරුවන් සහ LGBTIQ+ ප්රජාව අතර සහයෝගීතාව වර්ධනය කිරීමට සහ ජාතික හා ජාත්යන්තර මට්ටම් දෙකෙහිම මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීමට Équité සංවිධානය කැපවී සිටියි. අපගේ උත්සාහයන්, වෙනසක් ඇති කිරීමට, බාධක බිඳ දැමීමට සහ සියලු පුද්ගලයින්ට, ඔවුන්ගේ අනන්යතාවය නොසලකා, ගෞරවයෙන් හා සමානාත්මතාවයෙන්, සාධාරණව ජීවත් විය හැකි බව සහතික කිරීමට දිගටම කටයුතු කරයි.