අපගේ
මෙහෙවර

Équité Sri Lanka ආයතනය ශ්‍රී ලංකාවේ ජීවත්වෙන LGBTIQ+ ප්‍රජාවගේ මූලික අයිතිවාසිකම් හා මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා නීතිමය සංශෝධන, ප්‍රතිපත්ති වෙනස්කම් සිදු කිරීමට අවශ්‍ය අධිවාචන, පර්‍යේෂණ සහ පුහුණු සිදු කරනු ලබයි.

LGBTIQ+ ප්‍රජාවගේ ධාරිතා වර්ධනය, ඔවුන්ට අවශ්‍ය නීතිමය, සෞඛ්‍යමය සහ අධ්‍යාපනික සේවාවන් ලබාදීම මෙන්ම, ඔවුන්ට නිදහසේ තමන්ගේ ලිංගික දිශානතිය, සමාජභාවීය අනන්‍යතාව සහ ප්‍රකාශනය භුක්ති විඳිය හැකි පරිසරයක් නිර්මාණය කිරීම අප විසින් සිදු කරනු ලබයි.

වැඩසටහන් හා ව්‍යාපෘති

පුහුණුකරුවන් හට පුහුණුව

ශ්‍රී ලංකාවේ පළාත් 9 ආවරණය වන පරිදි පවත්වන පුහුණුකරුවන් සඳහා සිදු කරන සමාජභාවය, ලිංගික සෞඛ්‍ය සහ ප්‍රජනන සෞඛ්‍ය සහ අයිතිවාසිකම් පිළිබඳ ගුණාත්මක පුහුණුවක් ලබා දීම සිදු වෙමින් ඇත. දින දෙකක මෙම පුහුණුව සහ පුහුණුකරුවන් සඳහා ලබා දෙන තොරතුරු පොත මගින් ශ්‍රී ලංකාවේ ජීවත් වන LGBTIQ+ ප්‍රජාව පිළිබඳ සමාජයේ යහපත් ආකල්ප ඇති කිරීමට, නිවැරදි තොරතුරු සමාජගත කිරීමට සහ සමාජයීය ආකල්පමය වෙනසක් ඇති කිරීමට අප බලාපොරොත්තු වෙමු.

පොලිස් නිලධාරීන්ට පුහුණුව

මහජන සම්බන්ධතා පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියේ සියලුම පොලිස් ස්ථාන වල ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 606 දෙනෙකු පුහුණු කිරීමේ වැඩසටහන් මාලාවක් ජාතික පොලිස් අභ්‍යාස විද්‍යාලය මගින් සංවිධානය කර තිබුණි. මෙම පුහුණු වැඩසටහන් වල එක් සැසියක් ලෙස LGBTIQ+ ප්‍රජාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදි පොලිස් නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ දැනුවත් කිරීමට Equite Sri Lanka ආයතනයට ආරධනාවක් ලැබුණු අතර එය ශ්‍රී ලංකාවේ LGBTIQ+ ප්‍රජාවගේ ආරක්ෂාව සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කෙරෙහි විශාල වෙනසක් ඇති කරවීමට හේතු වනු ඇත.

මාධ්‍ය සහ ප්‍රදාන වැඩසටහන

Équité Sri Lanka මාධ්‍ය සහ ප්‍රදාන වැඩසටහන නිල වශයෙන් ආරම්භ වන ලදී
අප ගැනවැඩසටහන්ප්‍රකාශනසම්බන්ධ වන්න