සියලු දෙනා වෙනුවෙන් මනුෂ්‍යත්වය
ඉක්විටි යනු ශ්‍රී ලංකාවේ මානව අයිතිවාසිකම්, පරිපුර්ණ ලිංගික අධ්‍යාපනය, ලිංගික සෞඛ්‍ය සහ ප්‍රජනන සෞඛ්‍ය සහ අයිතිවාසිකම්, HIV, AIDS සහ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ, මූලික අයිතිවාසිකම් සමග ප්‍රතිපත්ති සම්පාදනය පිළිබඳ සහ, ජිනීවා මානව හිමිකම් සමුළුව, ජාත්යන්තර මානව හිමිකම් සංවිධාන හා ශ්‍රී ලංකා රජයේ පාර්ශවකරුවන් සමග පළාත් 9 තුළ සහ දිස්ත්‍රික්ක 24 තුළ ජාතික වශයෙන් ක්රියාත්මක වන සංවිධානයකි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා ජාතික රෝහල, ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන, සෞඛ්‍ය අමාත්යාංශය, ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව, රාජ්‍ය විශ්වවිද්‍යාල, පවුල් සෞඛ්‍ය කාර්යාංශය, සෞඛ්‍යය ප්‍රවර්ධන කාර්යාංශය, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය වැනි රජයේ සහ රාජ්‍ය නොවන පාර්ශවකරුවන්, මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සහ නීති සම්පාදන අංශයේ කටයුතු කරන පාර්ශවකරුවන්ගේ ජාලයකින් සමන්විත ශක්තිමත් සංවිධානයකි.


අපගේ දැක්ම :
LGBTIQ+ ප්‍රජාවට, ශ්‍රී ලංකාවේ ආන්තිකරණයට ලක් කර ඇති පරිසරයක සිටින කාන්තාවන්ට සහ තරුණ ප්‍රජාවට සමානාත්මතාවය සාක්ෂාත් කර ගැනීම.
අපගේ මෙහෙවර :
ආන්තිකරණයට ලක් කර ඇති LGBTIQ+ පුද්ගලයින්, කාන්තාවන් සහ තරුණ ප්‍රජාව අතර දැනුම ලබා දීම, කුසලතා වර්ධනය කිරීම සහ ආකල්ප වෙනස් කිරීම, උපදේශනය, පර්යේෂණ, ධාරිතා වර්ධනය කිරීම සහ දැනුවත් කිරීම මගින් සමාජය තුළ ඔවුන්ගේ තත්ත්වය සමාන ලෙස ඉහළ නැංවීම.